Kitchen
ගෙදරදීම පැටිස් හදා ගන්නේ මෙහෙමයි
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය,
පාන් පිටි ග්‍රෑම් 350
බටර් ග්‍රෑම් 60
බිත්තර කහ මද 01
අයිස් වතුර ටිකක්
ලුණු ස්වල්පයක්
මුලින්ම පිටි මෝලිය හදමු
පාන් පිටි ටිකක් හලලා තරමක් උස බාජනයකට දාගන්න
දැන් බිත්තරයක් කඩලා කහ මදේ වෙන් කරලා අයිස් වතුර ටිකක් (තේ හැදි 1ක් පමණ) දාලා මික්ස් කරගෙන පිටි මිශ්‍රණයට එකතු කරගන්න
කහ මදේ විතරක් ගන්නේ පැටිස් එක පිපිලා බුබුළු එන එක වලක්වන්නයි.
දැන් හොදින් කූල් බටර් ටික අරගෙන ග්‍රේට් කරගන්න බටර් ටික දියවෙන්න නම් දෙන්න එපා
දැන් සියල්ල හොදින් මිශ්‍ර කරන්න
ඒ අතරෙ ලුණත් එකතු කරගන්න දැන් හොදටම කූල් වුනු වතුර අරගෙන ටික ටික දාලා තද ඩෝ එකක් හදාගන්න
මේ මිශ්‍රනයටම යන්නේ වතුර ස්වල්පයක් පමණයි.
දැන් මේ මිශ්‍රණය තනි ගුලියක් බවට පත් වෙනවා
මිශ්‍රණය පාන් පිටි ඉසගත් ලෑල්ලක් මත තියලා තුනී කරගන්න ඉන්පසු නැවත දෙකට
නවා තුනී කරන්න මේ ආකාරයෙන් වාර10ක් පමණ කරන්න වැඩිපුර කරන තරමට ප්‍රතිඵල
වැඩී.
මෙහෙම කරාම තමයි පැටිස් එකේ ලේයර් එන්නෙ.
දැන් මිශ්‍රණය ලන්ච් ශීට් එකක ඔතලා විනාඩි 30ක් පමණ ෆ්‍රිජ් එකේ තබන්න .
දැන් ෆිලින්ග් එක හදාගමු
අවශ්‍ය ද්‍රව්‍ය,
අල ග්‍රෑම් 200
සැමන් ටින් 1/2
අමු මිරිස්
බී ලුණු
සුදු ලුණු
ඉඟුරු
කරපින්චා
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
තුනපහ කුඩු
මිරිස් කුඩු
දෙහි මේස හැදි 1/4
කුරුදු
රම්පෙ
ලීක්ස්
සාදාගන්න ක්‍රමය
මුලින්ම තාච්චියක් ලිප තබා තෙල් එකතු කරගන්න
තෙල් ටික රත් වෙද්දී සුදු ලුණු, කරපින්චා, රම්පෙ, කුරුදු එකතු කරන්න
ඒ ටික බැදිලා සුවද එනකොට ලුණු ටික එකතු කරගන්න ලුණු ටිකේ පාට වෙනස් වෙද්දී
සැමන් එකතු කරන්න, හොදින් කලවම් කරන්න, දැන් අල ටික එකතු කරගන්න ඒ ගමන්ම
ලුණු, ගම්මිරිස්, තුනපහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, රස අනුව එකතු
කරගන්න
මිශ්‍රණය හොදින් මිශ්‍ර කර ටික වෙලාවක් තබා ඉවතට ගන්න
මතක තියාගන්න ඉවතට ගත්තු ගමන්ම පැටිස් එකට නොදා මිශ්‍රණය තුළ තියෙන රම්පෙ ,කුරුදු අයින් කරලා දෙහි ටික දාගන්න.
මේක ව්‍යාපාරයක් විදිහට කරනවානම් හයිකෝ බටර් යොදාගන්න
දැන් විනාඩි 30ට පසු මිශ්‍රණය ඉවතට ගෙන රෝලින් පින් එකකින් හොදින් තුනී කරගෙන තමන් කැමති ප්‍රමාණයට රවුම් කපාගන්න
පැටිස් අච්චුවක් පාවිච්චි කරනවා නම් අච්චුව තියලා රවුමක් කපාගෙන ඒක තුනී කරගන්න
ඊට පස්සෙ අච්චුව උඩ කපගත්ත රවුම තියලා පිලින්ග් එක දාලා තදකරගන්න අච්චුවක්
නැතිනම් කපාගත්ත රවුම තුනී නොකර පිලින්ග් එක දාලා වටේට ගෑරුප්පුවකින්
තදකරගන්න.
එතකොට ලස්සනට ඉරි ටික පැටිස් එකේ හිටිනවා දැන් මේ පැටිස්
ටික තෙල් තාච්චියට දාගන්න හැබැයි තෙල් ගොඩක් රත් කරගන්න එපා, මේ හැමදේම
කරන්න ඕනේ මද ගින්දරේ හොදින් බැදුනු පසු ඉවතට ගන්න